Ads (728x90)

Smiley face

හින්දු භක්තිකයන්ගේ ආගමික විශ්වාසයන්ට හානි වන පරිදි සගරාවක කවරයේ ඡයාරූපය සඳහා පෙනී සිටියේ යැයි කියන පැමිණිල්ලක් විභාගයට ගනු ලැබ ඇති අන්ද්‍රා ප‍්‍රදේශයේ අධිකරණයක් විසින් ඉන්දිය කි‍්‍රකට් නායක මහේන්ද්‍ර දෝනි අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු අද (24 වැනිදා) නිකුත් කරනු ලැබ තිබේ. අන්ද්‍රාප‍්‍රදේශේ පිහිටි නගරයක් වන අනන්තපූර්හි අධිකරණයේ පෙනී සිටින ලෙස අවස්ථා තුනකදීම ඉන්දීය කි‍්‍රකට් නායකයාට නියෝග කරමින් සිතාසි නිකුත් කරනු ලැබ ඇතත් එම අවස්ථා තුනේදීම ඔහු අධිකරණයේ පෙනී නොසිටිය හෙයින් අත්අඩංගුවට ගැනීම සඳහා අනන්තපූර් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ. මෙම වරෙන්තුවට අනුව ජූලි 16 වැනිදා ඉන්දීය කි‍්‍රකට් නායකයා අධිකරණයට ඉදිරිපත් කරන්න’යි මෙම වරෙන්තුව මගින් පොලිසියට නියෝග කර තිබේ. පසුගිය වසරේ අපේ‍්‍රල් මස 13 වැනිදා ‘බිස්නස් ටුඬේ’ සගරාවේ කවරයේ ඡයාරූපයට දෝනි පෙනී සිටියේ හින්දු භක්තිකයන් වැඳුම් පිදුම් කරන විෂ්ණු දෙවිඳුන් ලෙසිනි. එහෙත් අතකින් සපත්තුවක්ද ගෙන, දෝනි එම කවරයේ ඡයාරූපයට පෙනී සිටි ආකාරය හින්දු බැතිමතුන්ගේ නොමනාපයට හේතු වී තිබේ. එම ඡයාරූපයට එරෙහිව ෂ්‍යාම් සුන්දර් නම් හින්දු නායකයකු විසින් අනන්තපූර් අධිකරණයේ නඩු පවරා තිබිණ. ඉන්දීය කණ්ඩායම මේ වන විටත් එංගලන්තයට ගොස් සිටින අතර ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජූලි මස 9 වැනිදා ආරම්භ වීමට නියමිතය.

Post a Comment