Ads (728x90)

Smiley face

එංගලන්ත තරගාවලිය ආරම්භයේ පටන් බාහිර තරගාවලිය ආරම්භයේ පටන්, ඒ සෑම අභියෝගයක්ම ශක්තියක් කරගත් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එංගලන්තය පරාජය කර ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගැනීමට හැකි වූ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
අයර්ලන්ත හා එංගලන්ත තරග සංචාරය නිමාකරමින් අද (26දා) ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
“ එංගලන්තයට එරෙහිව මුහුණදෙන්න සියලු කටයුතු සැලසුම් කළේ ලංකාවෙදිමයි. අපි පුහුණුවීම් කටයුතු උදෑසන සිදුකරලා එංගලන්තයේ ශීත දේශගුණයට මුහුණදෙන්න හුරුවුණා. අන්තර්ජාතික ක්‍රිකට් තරගවල රහස් නැහැ. පෝල් ෆාබ්‍රේස්ට ලංකාවෙන් රැගෙන යන්න රහසක් තිබු‍ණෙ නැහැ.
තරගාවලිය ආරම්භයේ පටන් බාහිර බලපෑම් හරහා ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය ‍බිඳදැමීමට නොයෙකුත් දේ ක්‍රියාත්මක වුණා. නමුත් අපට බලපෑම් එල්ලවෙන්න වෙන්න අපි ශක්තිමත් වුණා. එක පවුලක් සේ කටයුතු කළා. තරගය ජයගැනීමට ම‍ගේ පැත්තෙන් උත්සාහ කළේ සෑම පන්දු යවන්නෙකුම යොදාගෙන කෙසේ හෝ කඩුල්ලක් දවාගැනීමට. අවසන් පන්දු වාරයේදී හෝ ඒ දේ සාර්ථක කරගැනීමට හැකිවීම ගැන සතුටුවෙනවා” යැයි පවසා සිටියේය.

Post a Comment