Ads (728x90)

Smiley face

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් 2000 වසරේ සිට 2014 වසර දක්වා ලෝක ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම නම් කිරීමට කටයුතු කොට තිබේ. ක්‍රීඩකයන් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනක් ඇතුළත් වන අතර එහි නායකත්වය ශ්‍රී ලංකා සුපිරි පිතිකරු මහේල ජයවර්ධන වෙත හිමිව ඇත. 2000 වසරේ ජනවාරි පළමු වැනිදා සිට පන්දුයැවීමෙන් හෝ පන්දුවට පහරදීමෙන් ඉනිම් 100ක් ක්‍රීඩා කර තිබීම කණ්ඩායම නම් කිරීමට සලකා බැලූ මූලිකම කරුණ විය. මෙම කාලසීමාවේදී උපරිම දක්ෂතා දක්වා තිබූ ක්‍රීඩකයන් 11 දෙනා සංචිතයට ඇතුළත් කර තිබේ.
ලෝක ටෙස්ට් කණ්ඩායම
මැතිව් හේඩන්, විරේන්ද්‍ර ෂෙවාග්, කුමාර් සංගක්කාර, ජැක් කාලිස්, සචින් ටෙන්ඩුල්කාර්, මහේල ජයවර්ධන, ඇඩම් ගිල්ක්‍රිස්ට්, මිචෙල් ජොන්සන්, ඩේල් ස්ටෙන්, මුත්තයියා මුරලිදරන්, ග්ලේන් මැක්ග්‍රාත්

Post a Comment