Ads (728x90)

Smiley face

ලකුණු 350 ක ඉලක්කයක් කරා යාම පසෙක දමා පරාජයෙන් ගැලවීමේ දිඩි සටනක නිරතව සිටින එංගලන්ත කණ්ඩායමේ සහායට වර්ෂාව පැමිණීයද පැය හතර හමාරකට වැඩි කාලයක් වෙහෙසුනු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජෝ රූට් සහ මැතිව් ප්‍රයර් දවාගැනීමට සමත් වූහ. නුවන් ප්‍රදීප් විසින් ජෝ රූට්ගේ ඉනිම නිමා කරන ලද අතර කෙෳෂාල් සිල්වාගේ අනගි උඩපන්දු රැකීමකින් මැතිව් ප්‍රයර් ආපසු ක්‍රීඩාගාරයට ගියේය. එහෙත් තම පිල පරාජයෙන් ගලවා ගැනීම සඳහා අභීත සටනක නිරතව සිටින මුයින් අලී නොදැවී ලකුණු 52 ක් ලබා සිටියේය. ලීඞ්ස් නුවර හෙඩිංග්ලි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසාන ටෙස්ට් තරගයේදී අවසන් දිනය වන අද (24 වැනිදා) සිය දෙවැනි ඉනිමේ 60 වැනි ඕවරය අවසන් කරන විට එංගලන්ත පිල කඩුලු 6 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියේය. අද පෙරවරුවේදී තරගය ආරම්භ කළ අවස්ථාවේ සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නන් අනුගමනය කළේ එංගලන්තය විසින්ම නිර්මාණය කරගත් දශක 6 කට වැඩි පැරණි උපක්‍රමයකි. එංගලන්ත නායක ඩග්ලස් ජාඩින් යුගයේදී ඕස්ට්‍රෙිලියානු පිලේ සිටි ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රඩ්මන් මෙල්ල කිරීම සඳහා පිතිකරුවාගේ ශරීරයට පන්දුව එල්ල කිරීම එම උපායයි. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ මෙම උපාය හමුවේ සිත දැඩිකරගත් ජෝ රූට් සහ මුයින් අලි දෙදෙනා නුවන් ප්‍රදීප් විසින් වෙන්කරනු ලබන තුරු නොසැලී තම කඩුලු රැකගෙන සිටියහ. ඒ අතරවාරයේ, 47 වැනි ඕවරයේදී පන්දුව මාරු කිරීමට ශ්‍රී ලංකා නායකයා කළ ඉල්ලීමට නොසතුට පළකළ එංගලන්ත පිතිකරුවන් දෙදෙනා සමග වාදයකට පැටලීමට ඇන්ජලෝ මැතිව්ස් උත්සාහ කළ නමුත් විනිසුරුවරැ ඊට මැදිහත් වී තත්ත්වය පාලනය කළහ. අද දිනයේ දිවා ආහාරයට පෙර ඇතිවු වර්ෂාව නිසා තරගය තාවකාලිකව නතර කිරීමට පෙර කඩුලූ ආරක්ෂා කරගැනීමට එංගලන්ත පිතිකරුවන් සමත් වූ නමුත් 57 වැනි ඕවරයේදී නුවන් ප්‍රදීප් විසින් යවන ලද පන්දුවක් ජෝ රූට්ගේ පිත්තේ වැදී ගලී ස්ථානයේ පන්දු රකිමින් සිටි ළහිරු තිරිමාන්න සොයා ගියේය. ලෝඩ්ස්හිදී ද්විත්ව ශතකයක් ලබාගත් ජෝ රූට්, පන්දු 108 කට පසුව, තමන් දැවි ගිය බව අදහාගත නොහැකි වූ හෙයින් මඳ වේලාවක් කඩුල්ලේ රැඳී සිටි නමුත් කරකියාගත හැකි දෙයක් නොමැතිව ආපසු ක්‍රීඩාගාරය බලා පියමං කළේය. මෙම ඉනිම තුළදී ඉතාමත් සංයමයෙන් යුතුව පන්දුවට මුහුණ දුන් එංගලන්ත මැද පෙළ පිතිකරුවා සිය ඉනිමට ඇතුළත් කළේ හතරේ පහර 4 ක් පමණි. වර්ෂාව නිසා ඉනිමේ 43 වැනි ඕවරය නිමා වීමත් සමගම තරගය නතර කිරීමට විනිසුරුවරුන් තීරණය කරන විට එංගලන්ත සිය දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව කඩුලු 5 කට 83 ක් දක්වා ඉහළ දමාගෙන සිටියේය.

Post a Comment