Ads (728x90)

Smiley face

ලකුණු 350ක ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම ඊයේ (23දා) සිවුවැනි දිනයට තරගය නවත්වන විට කඩුලු 5ක් දැවී ලකුණු 57ක් රැස්කරගෙන ඉතා අපහසු අඩියක පසුවිය. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගය ජයගැනීම සඳහා අද (24දා) දිනයේදී තවත් කඩුලු 5ක් දවාගත යුතු අතර එංගලන්තයට තරගය ජයගැනීමටනම් අද දිනයේදී තවත් ලකුණු 293ක් ලබාගත යුතුය. මේ සියලු තත්ත්වයන් හමුවේ තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාවට වැඩි ඉඩක් පවතියි.තරගය වර්ෂාව හේතුවෙන් නවත්වා තිබෙන හෙයින් දිවා විවේකය ගැනීමට විනිසුරන් තීරණය කළේය. එ අනුව වර්ෂාව හේතුවෙන් අහිමිවන කාලය ඉතිරිවනු ඇත. තරගය නැවතත් ශ්‍රී ලංකා වේලාවෙන් 5.40ට ආරම්භවීමට නියමිතය.

Post a Comment