Ads (728x90)

Smiley face

සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී බොස්නියානු ක්‍රීඩකයන් මවිතයට පත් කරමින් ලබාගත් විශිෂ්ට ගෝලයත් සමග 2-1 කින් තරගය ජය ගැනීමට ආජන්ටිනාව සමත්විය. ‘එෆ්‘ කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ ආජන්ටිනාවේ ජය තහවුරු කළ මෙසීගේ මනරම් ගෝලය වාර්තා වූයේ 65 වැනි මිනිත්තුවේ දීය. තරගය ආරම්භ වී 3 වැනි මිනිත්තුවේ දී මෙසී එල්ල කළ නිදහස් පහරක් වළක්වාලීමට යාමේ දී එය බොස්නියානු ක්‍රීඩක සීඩ් කොලැසිනැක් වැරැදීමකින් ඔහු විසින්ම දැල තුලට දමා ගත්තේය. ඒ අනුව ආජෙන්ටිනාවට පළමු ගෝලය තෑගි කරනු ලැබුවේ ප්‍රතිවාදීන් විසිනි. එය මෙවර තරගමාලාවේ කණ්ඩායමක් විසින් ප්‍රතිවාදීන්ට ගෝලයක් තෑගි කරනු ලැබූ තුන්වැනි අවස්ථාව විය. පළමු භාගය අවසන් වනවිට ගෝල් 1-0 කින් පෙරමුණ ගත් ආජෙන්ටිනාවට ලයනල් මෙසී 65වැනි මිනිත්තුවේ දී එල්ල කළ පහරත් සමග 2-0ක් ලෙස සටහන් විය. එහෙත් තරගයේ 84 වැනි මිනිත්තුවේ දී බොස්නියාවේ වෙඩාඩ් ඉබිසෙවික් ගෝලයක් වාර්තා කරමින් සිය කණ්ඩායමට යම් සහනයක් ගෙන දුන්නේය.

Post a Comment