Ads (728x90)

Smiley face

එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් පිටියේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන (14 වැනිදින) තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ශතක සම්බන්ධතාවක් පැවැත්වූ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙදෙනා වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර මේ වන විට ලෝකයේ හොඳම සම්බන්ධතා පැවැත්වූ පිතිකරුවන්ගේ ලයිස්තුවේ 2 වැනි ස්ථානය අත්කරගෙන සිටිති. මේ වන විට ටෙස්ට් තරග 112 කදී එක්ව කී‍්‍රඩා කරමින් ලකණු 6115 ක සම්බන්ධතා ගොඩනංවා සිටින මහේල සහ සංගක්කාර දෙදෙනාට ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් සහ රාහුල් ද්‍රාවිඞ් දෙදෙනාත් (6920) අසූව දශකයේදී කොදෙව් පිලේ ආරම්භක පිතිකරුවන් යුගළය වූ ගෝර්ඞ්න් ගි‍්‍රනිජ් සහ ඩෙස්මන්ඞ් හේන්ස් (6482) දෙදෙනාත්ය. ලෝඞ්ස් ටෙස්ට් තරගයේදී තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ සංගක්කාර සහ මහේල දෙදෙනාගේ 17 වැනි ශතක සම්බන්ධතාව එයයි.

Post a Comment