Ads (728x90)

Smiley face

ලන්ඩන් නුවර ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී එංගලන්ත පිල සිය මුල් ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 575 ට පිළිතුරු සොයා පිතිහරඹයේ යෙදී සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම තරගයේ සිවුවැනි දිනය වන අද (15 වැනිදා) පෙරවරුවේදී ලකුණු 453 කට දැවී ගියේය. ඒ අනුව එංගලන්ත පිලට මුල් ඉනිමේදී ලකුණු 122 ක මුල් ඉනිමේ වාසියක් අත්විය. අද දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට එංගලන්ත පිල සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 27 ක් ලබා සිටි අතර ශ්‍රී ලංකා පිලට වඩා ලකුණු 149 ක් ඉදිරියෙන් සිටියේය. ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙම ලකුණු සංඛ්‍යාව කරා කැඳවාගෙන ඒමේදී විශිෂ්ට දායකත්වයක් දැක්වූ කුමාර් සංගක්කාර (147) මෙන්ම නායක ඇන්ජලෝ මැතිව්ස් (102) දෙදෙනාම ශතක ලබාගත් හෙයින් ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේ කී‍්‍රඩක විවේකාගාරයේ පිහිටි සුවිශේෂී පුවරුවට සිය නම් ඇතුළත් කරගත්හ. කි‍්‍රකට් කී‍්‍රඩාවේ ‘මක්කම’ ලෙසින් හැඳින්වෙන ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී ටෙස්ට් ශතකයක් ලබාගන්නා විදෙස් පිතිකරුවන්ගේ නම් සංචාරක කණ්ඩායමේ කී‍්‍රඩක විවේකාගාරයේ පිහිටි සුවිශේෂී පුවරුවක සටහන් කෙරෙන අතර ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී සහභාගි වූ පළමු ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් ශී‍්‍ර ලංකා පිතිකරුවන් අතළොස්ස අතරට එක්වීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. සිදත් වෙත්තමුණි, දුලිප් මෙන්ඩිස් සහ අමල් සිල්වා ලෝඞ්ස්හිදී සහභාගි වූ පළමු ටෙස්ට් තරගයේදීම ශතක ලබාගත් සෙසු ශී‍්‍ර ලාංකික පිතිකරුවෝ වෙති. ශී‍්‍ර ලංකා පිලේ හත්වැනි කඩුල්ලත් ලකුණු 413 දී බිඳ වැටීමෙන් අනතුරුව පසුපෙළ පිතිකරුවන් සමග එක්ව එංගලන්ත පිලේ වාසිය අවම කිරීම සඳහා නායක ඇන්ජලෝ මැතිව්ස් ප‍්‍රබල සටනක නිරත විය. ඒ අතරවාරයේදී ලෝඞ්ස් පිටියේදී ලබාගත් සිය මංගල ශතකය සඳහා පන්දු 171 කට මුහුණ දෙමින් එයින් 12 ක් හතරේ සීමාවට යැවූ මැතිව්ස් ශතකය ලබාගැනීමෙන් පසුව ලයාම් ප්ලන්කට්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරිමේ වරදට හසුව දැවී ගියේය. විනිසුරු තීරණ විමසීමේ සහාය ලබාගත් නමුත් ශී‍්‍ර ලංකා නායකයා දැවී ගිය බව සනාථ කෙරිණ. ශී‍්‍ර ලංකා ඉනිම නිමා වූයේ නුවන් ප‍්‍රදීප් ප‍්‍රනාන්දු ඉතා අවාසනාවන්ත ආකාරයෙන් කඩුල්ල මත ඇද වැටීමෙනි. කි‍්‍රස් ජෝර්ඞ්න්ගේ කෙටි පන්දුවකින් ගැලවීමට උත්සාහ කිරීමේදී පැයට කිලෝ මීටර 80 කට වැඩි වේගයෙන් පැමිණි පන්දුව නුවන් ප‍්‍රදීප්ගේ දකුණු උරහිසේ වැදිණ. මහත් වේදනාවෙන් කැරකී ගිය පිතිකරුවා සිය සමබරතාව පවත්වාගත නොහැකිව ඇද වැටෙද්දී පිත්ත කඩුල්ලේ වැදිණ.

Post a Comment