Ads (728x90)

Smiley face

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ ජර්මනිය හා පෘතුගාලය අතර ඊයේ (16දා) පැවැති තරගයෙන් ගෝල 4-0ක පහසු ජයක් වාර්තා කිරීමට ප්‍රබල ජර්මනිය සමත්විය. තරගයේ පළමු අර්ධයේ පටන්ම පෘතුගාල කණ්ඩායම තුට්ටුවකට මායිම් නොකරමින් තරග කළ ජර්මන් ක්‍රීඩකයෝ එම අර්ධය 3-0ක් ලෙස නිමකළහ. තෝමස් මුලර් තරගයේ 12වැනි විනාඩියේදී දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ජර්මන් කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කළේය. ඉන් අනතුරුව 32වැනි විනාඩියේදී මැට්ස් හමෙල්ස් ජර්මන් කණ්ඩායමේ දෙවැනි ගෝලය වාර්තා කළේය. නැවතත් 45+1 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කිරීමට තෝමස් මුලර් සමත්විය. ඒ අනුව පළමු අර්ධය 3-0ක් ලෙසින් නිමාවිය. දෙවැනි අර්ධයේ 78වැනි විනාඩියේදී නැවතත් ක්‍රියාත්මක වූ තෝමස් මුලර් සිය තෙවැනි ගෝලයද වාර්තා කළේය. තරගයේදී පෘතුගාල කණ්ඩායමේ පේපේ රතු කාඩ්පතින් අවවාද ලබා පිටියෙන් ඉවත් විය.

Post a Comment