Ads (728x90)

Smiley face

ශී‍්‍ර ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී විය හැකි දේ පිළිබඳව ශී‍්‍ර ලංකා පිලේ හිටපු පුහුණුකරුවකු වූ ඩැව්නෙල් වට්මෝර් මහතා කල්තබාම එංගලන්තයට අනතුරු අගවා තිබිණ.
මුත්තයියා මුරලිදරන් පන්දුව දමා ගසන්නේ යයි ඕස්ටේ‍්‍රලියානුවන් චෝදනා කළ අවස්ථාවේදී තම සගයාට එල්ලවූ චෝදනාවට පිළිතුරු දීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිත් දැඩිකරගත්තේ යම් සේද, ජොස් බට්ලර්ට අවවාද කිරීමෙන් පසුව දුවද්දී දවාගැනීම සම්බන්ධයෙන් සචිත‍්‍ර සේනානායකට එල්ලවූ අසාධාරණ චෝදනා මෙන්ම පන්දුව දමාගසන්නේ යයි ඔහුට කළ චෝදනා හමුවේදීත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් එකාවන්ව දැඩි බැම්මකින් බැඳෙන බව වට්මෝර් මහතා කල්තබාම කියා සිටියේය.
ඒ ශී‍්‍ර ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් වට්මෝර් මහතා තුළ තිබූ ගැඹුරු වැටහීමයි. සැබවින්ම සිදුවූයේත් ඒ දේමය.
වසර 19 කට පෙර, ඕස්ටේ‍්‍රලියාවේදී මුත්තයියා මුරලිදරන්ට එල්ලවූ චෝදනාව හමුවේ ළදැඩි කරගත් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ 1996 දී ලෝක කුසලන අවසන් තරගයේදී ඕස්ටේ‍්‍රලියානුවන් පරදවා ලෝක කුසලානය දිනාගත්හ. එලෙසින්ම එංගලන්ත පිලේ හිටපු නායකයකු වූ, මේ වන විට කි‍්‍රකට් විස්තර විචාරයකු මෙන්ම පුවත්පත් තීරු ලිපි රචකයකුද වන මයිකල් වෝන්ට පිළිතුරු දීමටත් ශී‍්‍ර ලංකා පිලට උවමනාව තිබිණ.
ශී‍්‍ර ලංකා පිලේ පන්දු යැවීමේ අංශය ”ප‍්‍රාන්ත කණ්ඩායමක පුම්බන ලද පන්දු යවන්නන් පිරිසක් වගේ” යයි මයිකල් වෝන් පසුගියදා පුවත් පතකට ලියා තිබිණ.
”මා හිතන්නේ මගේ පන්දු යැවීමේ අංශය ප‍්‍රාන්තයක පන්දු යැවීමේ අංශයට වඩා හොඳයි කියලයි. ඒ ගැන පොඩි පොඩි මතවාද තියෙනවා තමයි..සමහරවිට මගේ කොල්ලන් ප‍්‍රාන්ත තරගයක පන්දු යවන්නත් හොඳ නැතිව ඇති. ඒත් අපි අපේ තරම පෙන්නුවා. මට ඒ ගැන සතුටුයි” යයි තරගයෙන් අනතුරුව ශී‍්‍ර ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.
1982 දී ටෙස්ට් වරම් ලබාගත් නමුත් 1984 ශී‍්‍ර ලංකා ටේස්ට් පිලේ මුල්ම එංගලන්ත සංචාරයේ සිට 1998 ඕවල් ටෙස්ට් තරගය (ශී‍්‍ර ලංකා පිල එංගලන්තයේදී ජයගත් පළමු ටෙස්ට් තරගය) දක්වා සෑම එංගලන්ත සංචාරයකදීම ශී‍්‍ර ලංකා පිලට ලැබුණේ තනි ටෙස්ට් තරගයක් පමණි. ශී‍්‍ර ලංකා පිලේ ඊළග එංගලන්ත සංචාරය වන 2002 සිට ටෙස්ට් තරග 3 ක් බැගින් ලැබුණද ශී‍්‍ර ලංකා කණ්ඩායමක් එංගලන්තයේදී ටෙස්ට් තරගාවලි ජයක් ලබාගත්තේ පළමු වතාවටය.
ශී‍්‍ර ලංකාව ජයගත් දෙවැනි ටෙස්ට් තරගයේ වඩාත්ම තීරණාත්මක සාධකය වූයේ ධම්මික ප‍්‍රසාද්ගේ අරුම පුදුම පන්දු යැවීමයි.
කණ්ඩායමේ නිරත්තරව කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන් අතරට පිවිසීමටත් අපොහොසත්ව සිටි ධම්මික ප‍්‍රසාද් සංචිතයට ආවේ සුරංග ලක්මාල් තුවාල ලැබීම හේතුවෙනි. සෙසු පන්දු යවන්නන් අතරේ තරමක් වේගවත්ව පන්දු යවන හෙයින් දෙවැනි ටෙස්ට් තරගයේදී කණ්ඩායමට එක්වූ ධම්මික ප‍්‍රසාද් ඕවර 6 කදී එංගලන්ත පිලේ ප‍්‍රබලතම පිතිකරුවන් සිවු දෙනකු ආපසු කී‍්‍රඩාගාරයට යවමින් කළ වික‍්‍රමය ඇතැමෙකුට ඇදහිය නොහැක්කක් වී තිබිණ.
එහි වේගය, නියමිත ඉලක්කය, දෝලනය මෙන්ම පිතිකරුවන් තැතිගන්වන සුළු ස්වභාවය ආදී මේ සියල්ලම අන්තරගතව තිබිණ. මහේල ජයවර්ධන පසුව කියා සිටියේ දෙවැනි ඉනිමේදී ධම්මික ප‍්‍රසාද් දැවී ගිය දුර්වල ආකාරය ගැන කී‍්‍රඩක විවේකාගාරයේදී සෙසු කී‍්‍රඩකයන්ගේ සරදමට ලක්වීම නිසා ධම්මික ප‍්‍රසාද් පුපුරා හැළෙමින් සිටි බවයි.
එයින් නැවත වරක් සනාථ කෙරෙන්නේ සරදම් කිරීම් හමුවේ කී‍්‍රඩකයන් වඩාත් ශක්තිමත් මෙන්ම ධෛර්යසම්පන්න වන බවයි. එංගලන්ත නායක මයික් බි‍්‍රයර්ලි යුගයේදී ඉයන් බොතම්ට පහර වදින විට බොතම් පසෙකට කැඳවාගන්නා රැවුල්කාර නායකයා කියන්නේ ”මොකක්ද ටෙරී උඹේ නැන්දම්මාටත් ඔයිට වඩා හොඳට පන්දු යවන්න පුළුවන් කියාය” 1981 අළු බඳුන තරගාවලියේදී එසේ කියා බොතම් අවුස්සාගත් මයික් බි‍්‍රයර්ලි තම වේග පන්දු යවන්නාගෙන් හොඳ ප‍්‍රතිඵල ලබාගත් බවද නොරහසකි.

Post a Comment