Ads (728x90)

Smiley face

අවසන් මොහොතේදීත් ගෝලයක් වාර්තා කරීමට බ්‍රසීල කණ්ඩායමේ 22 හැවැරිදි ඔස්කාර් සමත්විය. ඒ අනුව පළමු තරගය ගෝල 3-1ක ලෙස පහසුවෙන්ම ජය ගැනීමට බ්‍රසීලය සමත්විය. මෙය ඔස්කාර්ගේ පළමු ලෝක කුසලානය ගෝලය විය. නේමාර් වාර්තා කළ ගෝල දෙකත් සමගින් ඔහුගේ සමස්ථ ගෝල සංඛ්‍යාව 33 දක්වා ඉහළ ගියේය. 71min - බ්‍රසීලය ඉදිරියට රැගෙන යමින් දඩුවම් පහරක් සාර්ථක කරගත් නේමාර්ද සිල්වා බ්‍රසීලය වෙනුවෙන් දෙවැනි ගෝලයත් වාර්තා කිරීමට සමත්විය. ඒ අනුව තරගය 2-1ක් ලෙස බ්‍රසීලය ඉදිරියෙන් පසුවෙයි. බ්‍රසීලයේ ගෝල දෙකම නේමාර්ගෙන් වාර්තා විය. බ්‍රසීලයට අවශ්‍යම මොහොතේ ගෝලයක් වාර්තා කළ බ්‍රසීල සුපිරි ක්‍රීඩක නේමාර් තරගය 1-1ක් ලෙස සම තත්ත්වයට ගෙනාවේය. කෙසේ වෙතත් තරගයේ 28වැනි විනාඩියේදී නේමාර් කහ කාඩ්පතින් අවවාද ලැබුවේය. එම පීඩනය යටතේ පවා 29වැනි විනාඩියේදී නේමාර් ගොලයක් වාර්තා කිරීම කැපී පෙනේ. 2014 පාපන්දු ලෝක කුසලානය ආරම්භ කරමින් බ්‍රසීල කණ්ඩායම හා ක්‍රොඒෂියා කණ්ඩායම තරග වදිමින් සිටියි. තරගයේ පළමු ගෝලය මෙක්සිකෝවට හිමිවූයේ බ්‍රසීලයේ මර්සිලෝ ඔව්න් ගෝලයක් වාර්තා කිරීම හේතුවෙනි. තරගයේ විනාඩි 15ක් ඉක්ම වන විට මෙක්සිකෝව 1-0ක් ලෙසින් ඉදිරියෙන් පසුවෙයි.

Post a Comment