Ads (728x90)

Smiley face

නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්ව අතර ටි‍්‍රනිඩෑඞ්හි කුවීන්ස් පාර්ක් ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයවූ ඊයේ (16 වැනිදා) කී‍්‍රඩාව නතර කරන විට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බටහිර ඉන්දීය කොදෙව්ව කඩුල්ලක් දැවී ලකුණු 6 ක් ලබා සිටියේය. බටහිර ඉන්දීය කොදෙව් පිලේ පළමු කඩුල්ල ලෙස ලකුණු 1 ක් ලබා සිටි කි‍්‍රස් ගේල් දවාගැනීමට ටෙ‍්‍රන්ට් බෝල්ට් සමත්විය. ඒ අනුව ඊයේ දිනය නිමාවන විට අනෙක් ආරම්භක පිතිකරුවා වන කේ‍්‍රග් බ‍්‍රැත්වයිට් සහ මුරකරු පිතිකරු ලෙස පිටියට පිවිසි සුලෙයිමන් බෙන් කඩුල්ලේ රැදීසිටියහ. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් සියලූ දෙනා දැවී 221 ක් ලබාගත්තේය. එහිදී නවසීලන්ත පිලේ වැඩිම ලකුණු ලාභියා වූ ටොම් ලේතම් හතරේ පහර 10 ක් සමගින් ලකුණු 82 ක් රැුස්කළේය. රොස් ටේලර් ලකුණු 45 ක් ලබා නවසීලන්ත ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදීසිටියේය. ජෙරම් ටේලර් කඩුලූ 4 ක් සහ සුලෙයිමන් බෙන් 3 ක් බැගින් දවාගනිමින් නවසීලන්ත ඉනිම සුනුවිසුණු කර දැමූහ.

Post a Comment