Ads (728x90)

Smiley face

ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින තරගාවලියේදී ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පුහුණුකිරීමේ කාර්යමණ්ඩලයේ සාමාජිකයකු වශයෙන් කටයුතු කිරීමට තමන් එකඔග වී ඇතැයි මුත්තයියා මුරලිදරන් පවසයි. ටෙස්ට් කි‍්‍රකට් මෙන්ම එක්දින අන්තර්ජාතික තරග වලදීත් වැඩිම කඩුලූ සංඛ්‍යාවක් දවාගැනීමෙන් ලෝක වාර්තා උසුළන මුරලිදරන් මේ වන විටත් ඕස්ටේ‍්‍රලියානු පිලේ ප‍්‍රධානතම දග පන්දු යවන්නා වන නේතන් ලයන් සමග එක්ව ඔහුගේ පුහුණු කටයුතු සඳහා උපදෙස් දෙමින් සිටී. ඕස්ටේ‍්‍රලියානු ජාතික කි‍්‍රකට් මධ්‍යස්ථානයේ දග පන්දු යැවීම සම්බන්ධයෙන් ස්ථාපිත කර ඇති ඒකකයේදී මුරලිදරන් හා එක්ව, නේතන් ලයන් පුහුණුවීම් කරමින් සිටී. මුරලිදරන් ඕස්ටේ‍්‍රලියානු පුහුණු කාර්ය මණ්ඩලය සමගින් එක්වීම නිසා ‘දුස්රා’ පන්දුව යැවීම සම්බන්ධයෙන් ඔහු සතු විශේෂඥ දැනුම පිළිබඳ රහස් ඕස්ටේ‍්‍රලියානුවන්ට දැනගත හැකිවනු ඇත. මුරලිදරන් මෙන්ම පාකිස්තානු පිලේ සයීඞ් අජ්මල්ද දුස්රා පන්දුවෙන් සෑහෙන ප‍්‍රයෝජන ලබන අතර වසර ගණනාවක්ම ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් අන්දමන්ද කළේ මුරලිදරන් සහ සයීඞ් අජ්මල් දෙදෙනාගේ මෙම ‘දුස්රා’ පන්දුවයි. ”ඕස්ටේ‍්‍රලියානු පිල ඉතාමත් හොඳ කණ්ඩායමක් බව මා දන්නවා. ඒත් පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගාවලියේදී හොඳින් කී‍්‍රඩා කිරීම සඳහා මටත් ටිකක් දායක වෙන්න පුළුවන් යයි මා හිතනවා” යයි මුරලිදරන් පැවසීය. ”එහි (එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ) තත්ත්වයන් තරමක් දුරට දග පන්දු යවන්නන්ට උදව් කරනවා. ඒ වගේ තත්ත්වයන් වලදී හොඳින් කී‍්‍රඩා කළ හැකි උපක‍්‍රම කිහිපයක් මා දන්නවා. මොකද මා කිහිප වතාවක්ම ඒවායේ කී‍්‍රඩා කරල තියෙන නිසා” ”අනෙක් අතට, අජ්මල් කියන්නේ ලෝකයේ ඕනෑම පිතිකරුවෙකුට අසීරුතා ගෙනෙන, තරමක් වෙනස් ආකාරයේ පන්දු යවන්නෙක්. ඒත් ඔහුපන්දු යවන අකාරය මා පන්දු යැවූ ආකාරයට තරමක් දුරට සමානයි. ඒ නිසා ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන්ට මා පන්දු යවන විට අජ්මල්ට මුහුණ දීමේදී ඇතිවන ගැටළු විසඳා ගැනිමට ඔවුන්ට පුළුවන් වේවි” යයිද මුරලිදරන් පැවසීය. ටෙස්ට් කඩුලූ 800 ක ලෝක වාර්තාවක්ද සමගින් වසර 2010 දී ටෙස්ට් පිටියෙන් සමුගත් මුරලිදරන්, 2011 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව සියලූම ආකාරයේ අන්තර්ජාතික කි‍්‍රකට් තරග වලින් සමුගත්තේය. මුරලිදරන් ඔස්ටේ‍්‍රලියානු පිලට එක්ව සිටින්නේ ඕස්ටේ‍්‍රලියානු පිලේ ප‍්‍රධාන පුහුණුකරුව වන ඩැරන් ලීමන්ගේ යෝජනාවක් අනුවය. දග පන්දුවලට මුහුණ දීම සම්බන්ධයෙන්, ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩකයන්ට වසර පුරාම කිසියම් මග පෙන්වීමක් අවශ්‍ය බව ඩැරන් ලීමන් ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනයට යෝජනා කර තිබිණ. ”මුත්තයියා මුරලිදරන් කියන්නේ මේ කී‍්‍රඩාවේ සදාතනික වීරයෙක්. ඒ වගේ කෙනෙක් ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමත් එක්ක එකතු වෙන එක ඉතාමත් වාසිදායක වෙන්න පුළුවන්” ”අප විසින් මුහුණ දිය යුතු තත්ත්වයන් ඔහු ඉතාමත් හොඳින් තේරුම් ගන්නවා. ඒ නිසා ඔහුගෙන් ඒ ගැන විශාල දැනුමක් අපට ලබාගත හැකියි.... ඒ අපේ දග පන්දු යවන්නන්ට මග පෙන්වීම සම්බන්ධයෙන් විතරක් නෙමේ. පාකිස්තානු පිලේ සිටින භයානක දග පන්දු යවන්නන්ට මුහුණ දීමේදී අපේ පිතිකරුවන් සමගත් ඔහු කටයුතු කරාවි” යයිද ලීමන් පවසා තිබිණ. ඕස්ටේ‍්‍රලියාව සහ පාකිස්තානය අතර එක්සත් අරාබි එමීර් රා්‍යයේදී පැවැත්වෙන තරගාවලිය ඔක්තෝබර් මස 3 වැනිදා සිට නොවැම්බර් 1 වැනිදා දක්වා පැවැත්වේ. මෙම තරගාවලියට එක්දින තරග 3ක්, ටෙස්ට් තරග 2 ක් සහ විස්සයි:20 තරගයක් ඇතුළත් වේ. වසර 2009 දී පාකිස්තානු ත‍්‍රස්තවාදීන් පිරිසක් ශී‍්‍ර ලංකා කණ්ඩායමට වෙඩි තැබීමෙන් පසුව පාකිස්තානු පිලේ සියලූම දේශීය තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙයි.

Post a Comment