Ads (728x90)

Smiley face

2013 බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීම් පිළිබඳ හෙළිනොකිරීමට කටයුතු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කෞෂාල් ලොකුආරච්චිට මාස 18ක (වසර 1 ½) ක තරග තහනමක් පනවා ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරයි. ඔහුට අමතරව ඉහත චෝදනාවටම වරදකරු බවට පත්වූ නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක ලූ වින්සන්ට් ටද මාස 18 ක තරග තහනමක් පනවා ඇත. මේ අතර මේ තරගාවලියේදී තරග පාවාදීම් සඳහා හවුල්වීම හේතුවෙන් වරදකරු වූ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් අෂ්රෆුල් ටද වසර 08 (වසර 03කට අත්හිටු වූ) තරග තහනමක් පනවා ඇති අතර, තරග පාවාදීම් සම්බන්ධයෙන් වරදකරුවූ ඩකා ග්ලැඩියේටර්ස් හිමිකරු ශිහාබ් ජිෂාම් චෞද්රි‍ට වසර දහයක (වසර 03කට අත්හිටුවූ) තරග තහනමක් පනවා ඇත.

Post a Comment