Ads (728x90)

Smiley face

උතුරුදිග නයිජීරියාවේ ගම්මානයක වැසියන් පාපන්දු ලෝක කුසලානය නරඹමින් සිටියදී ඉස්ලාමීය අන්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි. යෝබේ ප්‍රාන්තයේ, දමතුරු ගම්මානයේ මෙම බෝම්බකරු ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති අතර, ඒ අවස්ථාවේදී ජනතාව බ්‍රසීල හා මෙක්සිකෝ අතර පාපන්දු තරගය නරඹමින් සිට ඇති බව පැවසෙයි. මෙම ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ පිරිස 20කට අධික බවද කියැවෙයි. නයිජීරියාවේ මේ ආකාරයෙන් ලෝක කුසලාන පාපන්දු තරගය මහජනයා එකතු වී නරඹන ස්ථාන රැසක් මීට පෙර අවලංගු කර තිබුනේ මෙවැනි ස්ථාන වෙත බොහෝ හරාම් ත්‍රස්ත ප්‍රහාර එල්ලවිය හැකි බවට බුද්ධි අංශ විසින් සිදුකළ අනාවරණයන් නිසාය. යෝබේ ඇතුළු ප්‍රාන්ත තුනක හදිසි තත්ත්වය ක්‍රියාත්මක වන්නේ ඉස්ලාමීය අන්තවාදීන්ගෙන් එල්ලවන මෙවැනි ප්‍රහාරයන් නිසාය. කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ වගකීම තවමත් කිසිවෙකු භාරගෙන නැතත්, එයද බොකෝ හරාම් ප්‍රහාරයක් විය හැකි බව විශ්වාස කෙරේ.

Post a Comment