Ads (728x90)

Smiley face

ලෝකයේ විශිෂ්ටතම පිතිකරුවකු ලෙසින් සම්මානයට පාත්‍ර වී සිටියද ලෝඩ්ස් පිටියේදී ටෙස්ට් ශතකයක් ලබා ගැනීමේ අභියෝගය අභීතව මුහුණ දුන් කුමාර් සංගක්කාර ශ‍්‍රී ලංකාව අතර ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වන අද (14 වැනිදා) තම ඉලක්කය සපුරා ගත්තේය. සංගක්කාර ශතකය ලබාගන්නා අවස්ථාවේදී ශ්‍රී ලංකා කණඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 268 ක් ලබා සිටියේය. අලංකාර කවර් ඩ්‍රයිව් පහරකින් ජෝ රූට්ගේ පන්දුවක් හත‍ෙරේ සීමාවට යැවූ සංගක්කාර සිය ශතකය ලබාගැනීමත් සමගින් ක්‍රීඩාගාරය දෙසට හැරී පිත්ත ඔසවා ආචාර කරද්දී පසුපසින් දිව ආ මහේල ජයවර්ධන කුඩා දරුවෙක් සිය පියාගේ උරිස්සට පනින්නාක් මෙන් සංගක්කාර වෙතට පැව සිය සගයා වැළඳ ගනිමින් සතුට පළකළේය. අද පෙරවරුවේ තරගය ආරම්භ කර අඩහෝරාවකට පමණ පසුව ලකුණු 63 ක් ලබාසිටි කෞෂාල් සිල්වා පිටියෙන් ඉවත් කිරීමට එංගලන්ත වේගපන්දු යවන කී‍්‍රඩක ජේම්ස් ඇන්ඩසන් සමත් වූවද කුමාර් සංගක්කාර (නොදැවී 103) සහ මහ‍ේල ජයවර්ධන (නොදැවී 49) එක්ව ශ්‍රී ලංකා පිල ලකුණු 250 සීමාවෙන් ඔබ්බට කැඳවාගෙන ගියහ. දිමුත් කරුණාරත්න දැවී යාමෙන් පසුව ඊයේ (13 වැනිදා) සවස පිටියට පිවිසි සංගක්කාරගේ කඩුල්ල අද දිනය (තරගයේ 3 වැනි දිනය) වෙනුවෙන් ආරක්ෂා කරගැනීම සඳහා දැඩි කැපවීමෙන් කටයුතු කළ කෙෳෂාල් සිල්වා පන්දුවට පහර දීමේ අවස්ථාව වැඩිපුර තමන් වෙත රඳවා ගනිමින් සංගක්කාර පන්දු යවන්නාගේ අන්තයේ තැබීය. දිමුත් කරුණාරත්ගේ දැවී යාමෙන් පසු දෙවැනි දිනයේ ක්‍රීඩාව නතර කරන තුරු කෙෳෂාල් පන්දු 104 කට මුහුණ දෙමින් ලකුණු 46 ක් ලබාගනිද්දී සංගක්කාර පන්දු 61 කින් ලකුණු 32 ක් ලබා තිබිණ. ඉතාමත් හොඳින් පුල් සහ හුක් පහර ගසන ක්‍රීඩකයකු වුවද කණ්ඩායමේ අවශ්‍යතා වෙනුවෙන් තම පහර පාලනය කරගත් කෙෳෂාල්ගේ පිත්තේ දාරයේ වැදී ගිය ඇන්ඩසන්ගේ බවුන්සර් පන්දුව උඩපන්දුවක් ලෙස රැක ගැනීමට එංගලන්ත කඩුලූ රකින්නා වන මැතිව් ප‍්‍රයර් සමත්වීමත් සමග සංගක්කාර සහ කෞෂාල් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවති සම්බන්ධතාව ලකුණු 97 කට සීමා විය.

Post a Comment