Ads (728x90)

Smiley face






ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති අළු බඳුන තරගාවලියේදී අනුගමනය කළ ඇල් මැරුණු ප‍්‍රවේශය තවදුරටත් අනුගමනය කරන්නේ නම් ශී‍්‍ර ලංකාව හමුවේ පැවැත්වෙන ටෙස්ට් තරග වලදී තව තවත් පරාජයන්ට මුහුණ දීමට එංගලන්ත නායක ඇලිස්ටෙයාර් කුක් සූදානම් විය යුතු යයි ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු ද`ග පන්දු යවන්නා වූ ෂේන් වෝන් පවසයි. අළු බඳුන තරගාවලියට සහභාගි වූ එංගලන්ත පිලට වඩා හාත්පසින්ම වෙනස් කණ්ඩායමක් ශී‍්‍ර ලංකා පිලට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා තෝරාගෙන ඇති අතර දෙරට අතර පළමුවැනි ටෙස්ට් තරගය හෙට (12 වැනිදා) එංගලන්තයේ ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වේ. මෙය එංගලන්ත පිල අළු බඳුන තරගාවලියේදී ලද 5-0 ක පරාජයෙන් පසුව සහභාගි වන පළමු ටෙස්ට් තරගයයි. අළු බඳුන තරගාවලියේදී ලද දරුණු පරාජය හේතුවෙන් එංගලන්ත පිලේ ප‍්‍රබලතම පිතිකරුවකු වන කෙවින් පීටර්සන්ගේ අන්තර්ජාතික තරග දිවියද අවසන් කිරීමට එංගලන්ත කි‍්‍රකට් බලධාරීහු පියවර ගත්හ. කි‍්‍රකට් කී‍්‍රඩාවේ මෙතෙක් බිහිවූ විශිෂ්ටතම පා දග පන්දු යවන්නා ලෙස අවිවාදයෙන් සැලකෙන ෂේන් වෝන් සිය තරග දිවිය සමයේ ඉතාමත් උපක‍්‍රමශීලී වූ කී‍්‍රඩකයකු ලෙසින්ද විශාල ප‍්‍රසිද්ධියක් ඉසිලීය. වෝන් පවසන්නේ එංගලන්ත නායකයා වන ඇලිස්ටෙයාර් කුක් කණ්ඩායම තුළ තමන්ගේ ආධිපත්‍යය පතුරුවා හළ යුතු බවයි. අළු බඳුන තරගාවලියේදී පරාජය වන විට එංගලන්ත පිලේ පුහුණුකරුවා වූ ඇන්ඩි ෆ්ලවර් වෙනුවට එංගලන්ත පිලේ වත්මන් පුහුණුකරුවා වන්නේ පීටර් මුවර්ස්ය. ”එංගලන්ත පිල කී‍්‍රඩා කරන ආකාරය, කුක්ගේ මනස කි‍්‍රයා කරන ආකාරය ගැන පැහැදිළි සිතුවමක්” ”කුක්ට ඕනෑ කරන්නේ පිට ඉන්නට ඈතින් පන්දු යවමින්, පැරණි ඇල්මැරුණු ක‍්‍රමයම අනුගමනය කර පිතිකරුවන් පීඩනය පත්කරන්න නම්, ඔහු තෝරාගෙන තියෙන්නේ වැරදි පාරක්” යයි ෂේන් වෝන් සෑම බදාදාවකම ලන්ඩන් ටෙලිග‍්‍රාෆ් පුවත් පතට ලියන තම තීරු ලිපියේ සඳහන් කර තිබිණ. ”ඔහුගේ මෙම ආකල්පය හරියන්නේ නෑ කියලා ඕස්ටේ‍්‍රලියාවෙදි ඔප්පු වුණා. ඔවුන් එයින් පාඩමක් ඉගෙන ගත්තාද නැද්ද කියලා බලා ඉන්න එක හරිම ආශ්වාදජනක වේවි” ”ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව මේ වන විට විශාල දුරක් ගමන් කර තියෙනවා. කුක් ඒ බව වටහාගත යුතුයි” යයිද වෝන් ලියා තිබිණ. වෝන්ගේ අදහස අනුව ටෙස්ට් තරගාවලියේදී එංගලන්ත කඩුලූ රකින්නා වශයෙන් මැතිව් ප‍්‍රයර් යොදා ගැනීමත් තේරුමක් නැති දෙයකි. එක්දින තරගාවලියේදී කඩුලූ රකින්නා වශයෙන් ජොස් බට්ලර් මේ තරම් හොඳින් කී‍්‍රඩා කර තිබියදීත් බට්ලර්ට අවස්ථාවක් නොදීම අපරාධයක් යයි වෝන් පවසයි. ”බට්ලර් ඔබේ මිනිහා වෙන්න පුළුවන්. ඉතින් ඔහුට අවස්ථාවක් දෙනවා” යයි වෝන් පවසයි. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා - එංගලන්ත අවසන් එක්දින තරගයේදී බට්ලර් දුවද්දී දැවී ගිය ආකාරය ගැන නම් අබමල් රේණුවක කණගාටුවක් වෝන්ට නැත. ”මා සිතා බලන්නේ මහේල ජයවර්ධන කී කතාව ගැනයි....බට්ලර් කලින් තරගයේදීත් එවැනි දේ කළ බවත් ඒ නිසාම ඔහුට අවවාද කළ බවත් මහේල කියනවා” ”කණගාටුයි මිත‍්‍රයා..ඒ කියන්නේ ඔබ සීමාවෙන් ඉවතට පැනලා තියෙනවා...සචිත‍්‍ර සේනානායක කළ දේ ගැන මට නම් කිසිම ප‍්‍රශ්නයක් නෑ” යයිද වෝන් ලියා තිබිණ

Post a Comment