Ads (728x90)

Smiley face

සුපිරි 16 දෙනාගේ වටයේ පැවැති තරග ජයග්‍රහණය කළ ප්‍රබල ප්‍රංශ හා ජර්මනි කණ්ඩායම් තරගාවලියේ අවසන් 08 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්විය.
ප්‍රංශය 2-0 නයිජීරියාව
79 වැනි විනාඩියේදී පෝල් පෙග්බා වාර්තා කළ ගෝලයත්, 90+2 විනාඩියේදී ජෝශප් යෝබෝ වාර්තා කළ ගෝලයත් හේතුවෙන් නයිජීරියාව පරාජය කරමින් සුපිරි 08 දෙනාගේ වටයට පිවිසීමට ප්‍රංශය සමත් විය.
අතිශය තරගකාරී මුහුණුවරක් ගත් ජර්මනිය හා ඇල්ජීරියාව අතර තරගයෙන් ගෝල 2-1 ක ජයක් ප්‍රබල ජර්මනියට හිමිවිය. තරගයේ පළමු අර්ධ දෙක තුළදීම කිසිවෙකුටත් ගෝල වාර්තා කිරීමට නොහැකි විය. නමුත් 92 වැනි විනාඩියේදී ඇන්ඩ්‍රේ ස්චුරල් හා 120 වැනි විනාඩියේදී මෙසුට් ඔසිල් වාර්තා කළ ගෝලය හේතුවෙන් අතිරේක විනාඩි 30 ක කාලයක් 2-1 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය. නැවතත් 120+1 වැනි විනාඩියේදී ඇල්ජීරියාවේ ඩ්ජාබෝ වාර්තා කළ ගෝලයත් සමගින් තරගය 2-1 ක් ලෙස නිමවිය.

Post a Comment