Ads (728x90)

Smiley face

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (25දා) නිකුත්කළ නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පියවර දෙකක් ඉදිරියට පැමිණෙමින් මේ වනවිට 11 වැනි ස්ථානයේ රැඳී සිටියි. එය මැතිව්ස් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ශ්‍රේණිගත කිරීම්වල මෙතරම් ඉදිරියට පැමිණි පළමු අවස්ථාව වේ. මැතිව්ස් එංගලන්ත තරගාවලියේදී ශතක දෙකක් සමගින් ලකුණු 306 ක් රැස්කිරීමට සමත්විය. මෙම ශ්‍රේණගත කිරීම්වල කුමාර් සංගක්කාර දෙවැනි ස්ථානයේ පසුවන අතර, මහේල ජයවර්ධන 14 වැනි ස්ථානයේ පසුවෙයි. ඔවුන්ට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ධම්මික ප්‍රසාද් ස්ථාන 20 ක් අභිබමවන් 55 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත. එමෙන්ම ශමින්ද එරංග ස්ථාන 04 ක් ඉදිරියට පැමිණ 23 වැනි ස්ථානයේ පසු වේ. ශ්‍රී ලංකා ටෙස්ට් පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින රංගන හේරත් 08 වැනි ස්ථානයේ පසුවෙයි.

Post a Comment