Ads (728x90)

Smiley face

ලබන වසරේදී ඕස්ටේ‍්‍රලියාව සහ නවසීලන්තය යන රටවලදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන කුසලානය අද (4 වැනිදා) පෙරවරුවේදී ශී‍්‍ර ලංකාවට රැගෙන එන ලදි. මෙම අවස්ථාවේදී ලෝක කුසලානය පිළිගැනීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලධාරීහු කිහිප දෙනෙක්ම කටුනායක ගුවන් තොටුපොළට ගියහ. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන රටවල ප‍්‍රදර්ශනය සඳහා මෙම කුසලානය රැගෙන යන අතරවාරයේදී එය ශී‍්‍ර ලංකාවටද ගෙන එන ලදි. අද පෙරවරුවේදී කටුනායක ගුවන් තොටුපොළේදී පැවැති උත්සවයකදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් සහ උපනායක ළහිරු තිරිමාන්න දෙදෙනා ලෝක කුසලානය සමගින්. 2015 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගය ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් හි හැග්ලි ඕවල් පිටියේදී පැවැත්වේ.
Next
This is the most recent post.
Previous
Older Post

Post a Comment