Ads (728x90)

Smiley face

සිකුරාදා පැවැති ලෝක කුසලාන තරගයකදී ලෝක ශූරයන් වන ස්පාඤ්ඤ කණ්ඩායම පරාජය කරමින් නෙදර්ලන්ත කණ්ඩායම විසින් අත්කරගන්නා ලද ගෝල 5-1 ක දැවැන්ත ජයග‍්‍රහණය ස්පාඤ්ඤ පාපන්දු කී‍්‍රඩාවේ ‘අවමානයක්’ මෙන්ම ‘මහා විනාශයක්’ ලෙසින් ස්පාඤ්ඤ පුවත් පත් විසින් හඳුන්වා දෙනු ලැබ තිබිණ. මෙම තරගය ස්පාඤ්ඤ පිල මෙවර ලෝක කුසලාන තරගාවලියේදී මුහුණදුන් පළමු තරගයයි. ස්පාඤ්ඤයේ පුවත් පත් රැසක මුල් පිටු සැරසී තියුණේ තම රටේ ජාතික පාපන්දු කණ්ඩායමේ දැළ රකින්නා වන අයිකර් කැසිලස් බිමට නමාගත් හිසින් යුතුව දැළ ඉදිරියේ දණගසා ගෙන සිටින ආකාරයත් නෙදර්ලන්ත කී‍්‍රඩකයන් සතුටින් උද්දාමයට පත්ව සිටින ආකාරයත්ය. අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ශූරතාව දිනාගත් ස්පාඤ්ඤ පිල මෙවර ලෝක කුසලාන තරගාවලියට ගියේ තමන්ගේ කුසලාන ආරක්‍ෂා කරගැනීමේ අභිලාෂයෙනි. එහෙත් ආරම්භක තරගයේදීම ඔවුහු අනපේක්‍ෂිත පරාජයකට මුහුණ දුන්හ. තරගයේ 27 වැනි විනාඩියේදී ස්පාඤ්ඤ පිල ගෝලයක් ලබාගනිමින් තරගයේ පෙරමුණ ගත් නමුත් තරගයේ පළමු අර්ධය අවසන් වීමටත් මත්තෙන් නෙදර්ලන්ත පිලේ රොබින් වැන් පර්සි හිසින් ගැසූ පහරකින් ලබාගත් ගෝලයක් ලබාගත් සමගින් තරගයේ ලකුණු සමවිය. දෙවැනි අර්ධයේදී නෙදර්ලන්ත කී‍්‍රඩකයෝ තවත් ගෝල 4 ක් තම පිලට එක් කළහ. යුරෝපීය පාපන්දු ශූරතා දෙකක් මෙන්ම වත්මන් ලෝක ශූරයන්ද වන ස්පාඤ්ඤ පිලට මෙම ප‍්‍රතිඵලය අදහාගත නොහැකි විය. සිකුරාදා පැවැති තවත් තරග දෙකකදී මෙක්සිකෝ පිල විසින් කැමරුන් පිල ගෝල 1-0 කින් පරාජය කරන ලද අතර චිලි පිල විසින් ඕස්ටේ‍්‍රලියානු පිල ගෝල 3-1 ක් ලෙසින් පරාජය කරන ලදි.

Post a Comment