Ads (728x90)

Smiley face

දකුණු අප්‍රිකානු කණ්ඩායමට මුහුණදෙන්නට නම් කළ ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ට අවශ්‍යව තිබූ කණ්ඩායම බව ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක ඇන්‍ජලෝ මැතිව්ස් පවසයි.
ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර ලබන ඉරිදා (06දා) ආරම්භ වන එක්දින තරගාවලිය වෙනුවෙන් කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ අද (04දා) පැවැති මාධ්‍ය හමුවේදී මැතිව්ස් මේ බව පවසා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මැතිව්ස්,
“දකුණු අප්‍රිකානු කණ්ඩායම ගොඩක් සමබර කණ්ඩායමක්. අපට කි‍සිසේත්ම ඔවුන්ව ලෙහෙසියට ගන්න බැහැ. ඒ වගේම මේ තරගාවලිය අපට අතිශය වැදගත් තරගාවලියක්. විශේෂයෙන්ම ලෝක කුසලාන තරගාවලිය වනතෙක් පසුගිය තරගවල දැක්වූ දක්‍ෂතා එලෙසින්ම ඉදිරියට රැගෙන යන්න අවශ්‍යයි. ඒ වගේම මට ලැබිලා තියෙන්නෙ මට අවශ්‍ය වෙලා තිබුණු 16 දෙනා. ඒ ගැන මම ගොඩක් සතුටුවෙනවා. කුසල්ගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ පරීක්‍ෂණයක් හෙට තියෙනවා. එහි ප්‍රතිපල අනුව අපට ස්ථිරව දැනගන්න පුළුවන් ඔහුගේ සහභාගීත්වය ගැන.* යනුවෙන් සඳහන් කළේය.
එක්දින තරගාවලියට නම් නොවූ දිනේෂ් චන්දිමාල් ගැන අදහස් දැක්වූ මැතිව්ස්,
“දිනේෂ් චන්දිමාල් ඉතාමත් දක්‍ෂ ක්‍රීඩ‍කයෙක්. එය සියලු දෙනාම දන්නා දෙයක්. නමුත් ඇතැම් අවස්ථාවල දක්‍ෂ ක්‍රීඩකයන්ට වුවත් දක්‍ෂතා එයාකාරයෙන් පවත්වාගෙන යන්න බැරිවෙනවා. එමනිසා විවේකයක් ලබාදිය යුතුයි. මම හිතන්නෙ චන්දිමාල් ඉවත්කිරීම ඔහුගේ මානසිකත්වයටත් හොඳයි* යැයි පැවසීය.

Post a Comment