Ads (728x90)

Smiley face

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනොගේ වටයට පිවිසීමට සත්කාරක බ්‍රසීලය හා කොළොම්බියාව සමත්විය. ඒ පිළිවෙළින් චිලී හා උරුගුවේ පරාජය කරමිනි. බ්‍රසීලය හා චිලී අතර පැවැති තරගය වඩාත් උණුසුම් වූ අතර තරගයේ අතිරේක කාලයද නිමාවන විට කණ්ඩායම් දෙකම ගෝල 1-1ක් ලෙසින් සමතත්ත්වයේ පසුවිය. එහෙයින් තරගයේ විසඳුම සඳහා දඩුවම් පහර වෙත යොමූ අතර එහිදී චිලී කණ්ඩායම 3-2ක් ලෙස බ්‍රසීලය හමුවේ පරාජය විය. කොළොම්බියාව හා උරුගුවේ අතර පැවැති තරගය ගෝල 2-0ක් ලෙසින් පහසුවෙන්ම ජයගැනීමට කොළොම්බියා කණ්ඩායම සමත්විය. ඒ අනුව කොළොම්බියාවද සුපිරි 8දෙනාගේ වටයට පිවිසියේය.

Post a Comment