Ads (728x90)

Smiley face







මේ මස 12 වැනිදා ආරම්භ වීමට නියමිත ශී‍්‍ර ලංකා x එංගලන්ත ටෙස්ට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම වඩාත් හොඳින් කී‍්‍රඩා කරනු ඇතැයි එංගලන්ත පිලේ උපනායක ඉයන් බෙල් පවසයි. ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී ඊයේ (9 වැනිදා) පැවැති උත්සවයකදී එංගලන්තයේ වසරේ හොඳම කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙසින් සම්මානයට පාත‍්‍රවූ ඉයන් බෙල් පසුගිය වසරේ එංගලන්තයේදී පැවැති අළු බඳුන තරගාවලියේදී ශතක 3 ක් ලබාගනිමින් එංගලන්ත පිල ලබාගත් 3-0 ක තරගාවලි ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය. එහෙත් ඒ සමගම වාගේ, පසුගිය වසර (2013) අවසානයේදී, ඕස්ටේ‍්‍රලියාවේදී පැවැති අළු බඳුන තරගාවලියේදී එංගලන්ත පිලට අත්වූයේ 5-0 ක ඛේදනීය පරාජයකි. කෙසේ වෙතත් මෙවර ගිම්හානය එංගලන්තයට එතරම් හිතකර නොවන බව බෙල්ගේ අදහසයි. ඊට ප‍්‍රධානතම හේතුව ලෙසින් ඔහු දකින්නේ එංගලන්තය සුපුරුදු තරග සැලසුම් කිරීම් වලින් මිදී, ටෙස්ට් තරග පැවැත්වීම ගිම්හානයේ පසු කොටස දක්වා පමා කිරීමයි. මෙම තත්ත්වය ශී‍්‍ර ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙදෙනා වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරටත් වාසි සහගත විය හැකි බව බෙල් කියයි. ”දැන් ගතවෙන්නේ තරග සමයේ (එංගලන්ත ගිම්හානයේ) ආරම්භය නොවෙයි. ඒ නිසා ඔවුන් (ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන්) වඩාත් පහසුවෙන් තරග කරාවි” ”නිකම් බලන්න ඔවුන්ගේ කණ්ඩායමේ ඉන්නා ප‍්‍රධාන කී‍්‍රඩයයන් දෙන්නා දිහා. ඔවුන් දෙන්නාම කි‍්‍රකට් ඉතිහාසයේ සදාකාලික වීරයෝ දෙන්නෙක් වෙනවා...ඔවුන්ගේ කණ්ඩායමේ අති විශිෂ්ට කී‍්‍රඩකයන් ඉන්නවා” යයි 32 හැවිරිදි ඉයන් බෙල් පැවසීය. එංගලන්තයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදීද ශී‍්‍ර ලංකා කණ්ඩායම 3-2 ක තරගාවලි ජයක් ලබාගත්තේය. ඕස්ටේ‍්‍රලියානු සංචාරයේදී ලද 5-0 ක තරගාවලි පරාජයෙන් පසුව ඇතිවූ තත්ත්වයන්ට තම කණ්ඩායම සාර්ථකව මුහුණ නොදුන් බවද බෙල් කියයි. එම ප‍්‍රකාශයෙන් බෙල් අදහස් කරන්නේ කෙවින් පීටර්සන් කණ්ඩායමෙන් නෙරපා හැරීමත් පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර් මහතා වෙනුවට පීටර් මුවර්ස් මහතා ආදේශ කිරීමත් ගැන විය හැකිය. ”ඒ තරගාවලියෙන් පස්සේ සිද්ධ වුණේ අපි එකිනෙකා තරහා වෙච්ච එක විතරයි. ඒත් පැත්තකට වෙලා ඒක දිහා බලන කොට හිතෙන්නේ ඕස්ටේ‍්‍රලියානුවන් අපේ දුර්වල තැන් අල්ලාගෙන අපට හොඳටම ගැහැව්වා කියන එකයි” ”කොහොම වුණත් ඒ සංචාරයේ හිටපු තරුණ කී‍්‍රඩකයන්ට ඒ වගේ දෙයක් දීර්ඝකාලීනව වැදගත් වෙන්න පුළුවන්” යයිද බෙල් පැවසීය. ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලියේ දෙවැනි තරගය ඉයන් බෙල්ගේ 100 වැනි ටෙස්ට් තරගයද වෙයි. මේ වන විට ටෙස්ට් තරග 98 කට කී‍්‍රඩා කර ඇති ඉයන් බෙල් ශතක 20 ක් සමගින් ලකුණු 6722 ක් ලබා ඇති අතර ඉනිමක සාමාන්‍යය ලකුණු 45.41 කි. මේ අතර කුමාර් සංගක්කාර පවසන්නේ මෙවර ටෙස්ට් තරගාවලියේදී කෙවින් පීටර්සන්ට මුහුණ දීමට සිදු නොවීම සහනයක් බවයි. ඕස්ටේ‍්‍රලියාවේදී ලද 5-0 ක තරගාවලි පරාජය නිසා එංගලන්ත පිලේ ප‍්‍රබලතම පිතිකරුවා වූ කෙවින් පීටර්සන්ගේ අන්තර්ජාතික තරග දිවිය නිමාවිය. එංගලන්ත කි‍්‍රකට් බලධාරීන් කෙවින් පීටර්සන්ට කියා සිටියේ කණ්ඩායම තුළ තිබිය යුතු සමගිසම්පන්න භාවයට ඔහුගෙන් කිසිදු දායකත්වයක් නොලැබෙන බැවින් එංගලන්තය වෙනුවෙන් කී‍්‍රඩා කිරීම සඳහා නැවත ඔහු තෝරා නොගන්නා බවයි. එහෙත් සංගක්කාර පවසන්නේ සාර්ථක කණ්ඩායමක් වීමට නම් එහි සෑම ආකාරයේම පුද්ගලයන් සිටිය යුතු බවයි. ”කේපී (කෙවින් පීටර්සන්) අයින් කරපු හේතුව මොකක්ද කියලා මා නම් දන්නේ නෑ. ඒත් ඇත්ත තත්ත්වය නම් ඔහු පුදුමාකාර කී‍්‍රඩකයෙක් කියනා එකයි” යයි කි‍්‍රකට් කී‍්‍රඩාවේ කූප‍්‍රකට ස`ගරාවක් වන විස්ටන් ස`ගරාවට සංගක්කාර පැවසීය. ”මා ඔහුව දැක තියෙනවා. ඔහුව අගය කරලා තියෙනවා... කිසිදු සැකයක් නෑ ඔහු පිට පිටම තරග දිනවන්නෙක්.... කී‍්‍රඩකයෙක් හැටියට මගේ ප‍්‍රතිවාදී කණ්ඩායමේ ඔහු නැති එක ගැනනම් මට කිසිම කණගාටුවක් දැනෙන්නේ නෑ” ”ඔහු මීට පෙර අපට කරලා තියෙන හානියත්, මේ තරගාවලියේදී ඔහුට කළ හැකි හානියත් ගැන අප හොඳින්ම දන්නවා” යයිද සංගක්කාර පැවසීය.

Post a Comment