Ads (728x90)

Smiley face




පාකිස්තානයේ කරච්චි නුවර ගුවන්තොටුපොළට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ධනාත්මක මට්මටක තිබූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු සංචාරය ගැටලුකාරී තත්ත්වයකට පත්ව ඇති බව පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් %පෝස්ට් ජාගන් (Post Jargan)^ පුවත් සේවය වාර්තා කළේය. 2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව බංග්ලාදේශය හැරෙන්නට කිසිදු රටක් පාකිස්තානයේ සංචාර නොකළේය. එහෙත් පාකිස්තානු ජනපති හා ශ්‍රී ලංකා ජනපති අතර චීනයේදී පැවැති ද්විපාර්ශ්වීය සාකච්ඡාවලදී ශ්‍රී ලංකා ජනපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයේ සංචාරය කළ යුතු බවයි. පසුගිය මාසයේදී පාකිස්තානු ක්‍රිකට් මණ්ඩලයද ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයට ලිපියක් මගින් දන්වා තිබුණේ, ශ්‍රී ලංකා කණ්ඩායමකට එරට තරග සංචාරයක් සඳහා පහසුකම් සැලසීමට සූදානම් බවයි. එසේ වුවත් කරච්චි ප්‍රහාරය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තානු සංචාරය මෙන්ම අයර්ලන්ත කණ්ඩායමේ පාකිස්තානු සංචාරයද ගැටලුවට පත්ව ඇති බව පාකිස්තානු වාර්තා පවසයි.

Post a Comment