Ads (728x90)

Smiley face

පාපන්දු ලෝක කුසලාන තරගාවලිය යටතේ(17දා) බෙලූ ඔරිසෙන්ට්හිදී පැවැති 'එච්' කාණ්ඩයේ තරගයකින් ඇල්ජීරියානු කණ්ඩායම පරාජය කර ගෝල 02-01 ජයක් ලැබීමට ප්‍රබල බෙල්ජියම් කණ්ඩායම සමත්විය. බෙල්ජියම් කණ්ඩායමට පළමු අර්ධයේදී සටන්කාමී තරගයක් ලබාදුන් ඇල්ජිරියානු කණ්ඩායම තරගයේ 25 වැනි මිනිත්තුව ගෙවෙත්ම ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේය. සොෆියානි ෆෙග්හොව්ලි එම ගෝලය වාර්තා කළේය. දෙවැනි අර්ධයේ පළමු මිනිත්තු 25 ගෙවෙන තෙක් ඔවුන් එම පාලනය රඳවා ගැනීමට සමත්වුත්, 70 වැනි මිනිත්තුවේදී මරුවාන් ෆෙලේනි බෙල්ජියම වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමත් සමග ඇල්ජීරියාවෙන් තරගය දුරස්විය. එය තවදුරටත් දුරස් කරමින් 80 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මකවූ ඩාරිස් මෙර්ටෙන්ස් ගෝලයක් වාර්තා කර ගෝල 02-01 ලෙස තරගය ජය බෙල්ජියම වෙත රැගෙන ආවේය.

Post a Comment