Ads (728x90)

Smiley face

බ‍්‍රසීලයේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු දින 8 නිමා වෙද්දී කණ්ඩායම් 32 ක් අතුරින් දෙවැනි වටයට සුදුසු කම් ලබාගැනීමට නෙදර්ලන්තය, චිලී රාජ්‍යය සහ කොලොම්බියාව යන කණ්ඩායම් සමත් වූහ. මෙතෙක් පැවැති තරග 23 දී, තමන් සහභාගී වූ තරග 2 ම ජයගෙන ප‍්‍රසාද ලකුණු 6 ක් හිමිකරගත් කණ්ඩායම් ලෙසින් මෙම කණ්ඩායම් 3 දෙවැනි වටයට සුදුසුකම් ලබාගෙන තිබේ. ඒ අතුරින් කණ්ඩායමක් මෙතෙක් පැවති තරග වලදී වාර්තා කර ඇති වැඩිම ගෝල සංඛ්‍යාවට හිමිකම් කියන්නේද නෙදර්ලන්තයයි. ඔවුන් මේ වන විට ලබා ඇති ගෝල සංඛ්‍යාව 8 කි. සත්කාරක බ‍්‍රසීලය සහ මෙක්සිකෝවද ප‍්‍රසාද ලකුණු 4 බැගින් ලබා දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීමට ආසන්නයේ සිටිති.

Post a Comment