Ads (728x90)

Smiley face





සංචාරක ශ්‍රී ලංකා පිල සහ එංගලන්ත පිල අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ලෝඞ්ස් ක‍්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ. තරගය එංගලන්ත වේලාවෙන් පෙරවරු 10.00 ට හෙවත් ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30 ට ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව මෙම සංචාරයේ එක්දින තරගාවලිය 3-2 කින් ජය ලැබූ හෙයින් ජයග‍්‍රාහි මානසිකත්වයෙන් ටෙස්ට් තරගාවලියට පැමිණෙයි. ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙපළ වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර, එංගලන්තයේදී සහභාගි වන අවසන් ටෙස්ට් තරගාවලිය මෙය විය හැකිය. ලබන වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එක්දින අන්තර්ජාතික ක‍්‍රිකට් පිටියෙන් සමුගැනීමට මහේල සහ සංගක්කාර සූදානමින් සිටිති. තමන් ටෙස්ට් තරග වලින් සමුගන්නේ කවදාද යන්න තවමත් ස්ථිරව ප‍්‍රකාශ කර නැතත් ඔවුන් දෙදෙනා ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩවෙන් සමුගැනීමට පෙර ශී‍්‍ර ලංකා කණ්ඩායමක් ටෙස්ට් තරගාවලියක් සඳහා එංගලන්තයේ සංචාරය කිරීම සැක සහිතය. ශ්‍රී ලංකාව එංගලන්තයේ සහභාගි වන 8 වැනි ටෙස්ට් තරගාවලිය මෙය වන අතර මේ දක්වා ශ්‍රී ලංකාව එංගලන්තයේදී ටෙස්ට් තරගාවලියක් ජය ලබා නොමැත. ඒ හේතුවෙන් මෙවර එම ඉලක්කය සම්පූර්ණ කිරීම ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන ඉලක්කය බවට පත්ව තිබේ. එංගලන්තය අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරගාවලිය වන ‘අළු බදුන’ තරගාවලියේදී ඕස්ටේ‍්‍රලියාව හමුවේ ඕස්ටේ‍්‍රලියාවේදී 5-0 කින් පරාජයට පත්විය. එංගලන්තය ‘අළු බදුන’ තරගාවලියේදී ලැබූ 5-0 පරාජය අමතක කර, කෙවින් පීටර්සන් නොමැතිව එංගලන්තයට ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පැවැත්මක් ඇති බවට පෙන්වීමට මෙය හොද අවස්ථාවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එංගලන්තය අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරගයට ක‍්‍රීඩා කළ කණ්ඩායමේ ක‍්‍රීඩකයන් හය දෙනකු හෙට තරගයට නම් කර ඇති එංගලන්ත සංචිතයට ඇතුළත්ව නැත. ඔවුන් අතර කැපී පෙනෙන කී‍්‍රඩකයා වන්නේ කෙවින් පීටර්සන්ය. මෙම තරගය සදහා නම් කර ඇති ක‍්‍රීඩකයන් 12 දෙනකුගෙන් යුත් එංගලන්ත සංචිතයට කෝඩුකාරයන් වන ඕස්ටේ‍්‍රලියාවේ උපත ලැබූ ආරම්භක පිතිකරු සෑම් රොබ්සන්, වේග පන්දු යවන තුන් ඉරියව් ක‍්‍රීඩක කි‍්‍රස් ජෝර්ඞ්න් සහ මුයින් අලී ඇතුළත්ව සිටිති. එංගලන්තය පසුගිය වසර පහ තුළදී සිය මවුබිමේදී සහභාගි වූ ටෙස්ට් තරග 33 න් තරග 21 ක් ජය ලබා ඇති අතර තරග හතරක් පමණක් පරාජයට පත්ව තිබේ. තරගය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා පිතිකරු කුමාර් සංගක්කාර පවසන්නේ ලෝඞ්ස් ක‍්‍රීඩාංගණය පිළිබඳව වැඩි අත්දැකීම් ඇත්තේ මහේල ජයවර්ධනට බවයි. ”මම දන්නෑ කෙවින් පීටර්සන්ව ඉවත් කිරීම පිළිබඳව, ඒ පිළිබදව තවමත් කථා වෙනවා. නමුත් ඔහු විශිෂ්ට ක‍්‍රීඩකයෙක්, ඔහු එංගලන්ත කණ්ඩායමේ නොසිටීම පිළිබඳව මා සතුටු වෙනවා” යැයි සංගක්කාර වැඩි දුරටත් පැවසීය. ”ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකන් මුල් තැන ගෙන ක‍්‍රීඩා කළ යුතුයි. අපි තමයි සෑම අවස්ථාවකම විශාල කුණු සංඛ්‍යාවක් රැස් කළේ. එවැනි ආකාරයට නැවතත් ක‍්‍රීඩා කිරීමට මෙහිදී අපිට සිද්ධ වෙනවා” යැයි සිය 99 වැනි ටෙස්ට් තරගයට සහභාගි වන එංගලන්ත ජ්‍යෙෂ්ඨ පිතිකරු ඉයන් බෙල් පවසයි.

Post a Comment