Ads (728x90)

Smiley face

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ලෝඞ්ස් පිටියේදී පැවැත්වෙන පළමුවැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය වන අද (16 වැනිදා) පෙරවරුවේදී ඉතාමත් පරෙස්සමෙන් පිතිහරඹයේ යෙදුණු කෙෳෂාල් සිල්වා (57) සහ කුමාර් සංගක්කාර (නොදැවී 50) එක්ව ගොඩනැංවූ ලකුණු 98 ක සම්බන්ධතාව නිසා ඉනිමේ 45 වැනි ඕවරය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 132 ක් ලබා සිටියේය. පළමු ඉනිමේදී අලංකාර ශතකයක් ලබාගත් කුමාර් සංගක්කාර දෙවැනි ඉනිමේදීත් නොදැවී ලකුණු 50 ක් ලබාගනිමින් දිගටම පිතිහරඹයේ යෙදුණු අතර සැබෑ ටෙස්ට් පිතිකරුවකුගේ ලක්ෂණ විදහා පාමින් පිතිහරඹයේ යෙදුණු කෙෳෂාල් සිල්වා ලකුණු 57 කට දැවී ගියේය. තරගයේ ජයග්‍රහණය එංගලන්ත පිලෙන් ඈතට ඇදගෙන යාමේ එකම ක්‍රමය තේ පානය දක්වා කඩුලු ආරක්ෂා කරගැනීම වන අතර තේ පානය වන විට පුවරුවේ ඇති ලකුණු සංඛ්‍යාවත් අතැතිව ඇති කඩුලු සංඛ්‍යාවත් නිසි ලෙස ගණනය කිරීමෙන් පසුව තරගයේ ජයග්‍රහණය කරා යනවාද නැද්ද යන්න තීරණයකට පැමිණිය හැකිය. එසේ නොකළහොත් දිවා ආහාරයෙන් පසුව තරගය පැවැත්වෙන පැය 4 දී ශ්‍රී ලංකා පිල පීඩනයට පත්කිරීමේ අවස්ථාව එංගලන්ත පන්දු යවන්නන්ට ලැබෙනු ඇත. පිති අතට නොගෙනම තම ඉනිම අත්හිටවූ එංගලන්ත කණ්ඩායම මෙම තරගය ජයගැනීමට නම් ලකුණු 390 ක් ලබාගන්නා ලෙස ශී‍්‍ර ලංකා පිලට අභියෝග කර සිටියේය. තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (15 වැනිදා) සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 267 ක් ලබාගත් එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමේ වාසියත් සමගින් ලකුණු 289 ක් ඉදිරියෙන් සිටියේය. තරගය ජය පරායෙන් තොරව අවසන් කරගැනීමට නම් අද දිනයේ යැවෙන ඕවර 90 තුළදී තම කඩුලූ 10 ආරක්‍ෂා කරගැනීමට ශී‍්‍ර ලංකා පිලට සිදුවෙතත් තරගයේ 8 වැනි ඕවරයේදී දිමුත් කරුණාරත්න පිටියෙන් ඉවත්විය. ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ කෙටි පන්දුවක් පසු පාදයෙන් පිළිගත් කරුණාරත්නගේ පිත්තේ යාන්තමින් ගැටුණු පන්දුව පිතිකරුවාගේ කලවයේ වැදීමෙන් පසුව සෑම් රොබ්සන්ගේ අත පත්විය. කෞෂාල් සිල්වා සහ කුමාර් සංගක්කාර ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් අසීරු අභියෝගයක් බාරගෙන සිටිති. කී‍්‍රඩාංගණයේ හිරු රැස් නොමැතිවීමත් තරමක් අඳුරු කාලගුණික තත්ත්වයක් පැවතීමත් එංගලන්ත වේග පන්දු යවන්නන්ට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර දී තිබේ.

Post a Comment