Ads (728x90)

Smiley face

වසර 32 ක් වන ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් එංගලන්තයේ දී ලැබූ පළමු ටෙස්ට් තරාගවලි ජය ලබා ගැනීමට ඊයේ (24දා) සමත්විය. ලීඩ්ස්හි හෙඩින්ග්ලි පිටියේ පැවැති දෙවැනි හා අවසන් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 100 ජයක් හිමිවිය. ඒ අනුව 1-0 ලෙස තරගාවලියේ ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය. 1982 දී එංගලන්තයට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ ශ්‍රී ලංකාව පළමු වරට එංගලන්තයේ සංචාරය කළේ 1984 දීය. නමුත් තරගාවලිය ජයක් හිමිකරගැනීමට නොහැකිවූ අතර, ශ්‍රී ලංකාව මෙවර එය සාර්ථක කරගත්තේ වසර 30 ක උත්සාහයකින් පසුවය. ශ්‍රී ලංකාව 1998 දී එංගලන්තයේ ඕවල් පිටියේ පැවති එකම තරගය ජයගැනීම තරගාවලි ජයක් ලෙස නොසැලකේ. ජයග්‍රහණය සඳහා ලකුණු 350 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම ඊයේ (24දා) තරගය ඇරඹුවේ ලකුණු 57 කට කඩුලු 5 ක් දැවී තිබියදීය. එහෙත් දිනය ආරම්භයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් කෙටි පන්දු යැවීමට යොමු වූ අතර, ‍ජෝ රූට් සහ මොයින් අලී මෙයින් ස්ථාවර වන්නට පටන් ගත්හ. කෙසේ නමුත් දිනයේ අවසන් භාගයේදී නැවතත් සුපුරුදු රිද්මයට අවතීර්ණවූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දිනය නිමාවීමට පන්දුවක් ඉතිරිව තිබියදී තරගය ජයගැනීමට සමත් වූහ.
එංගලන්ත කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීම සඳහා සටන්කාමී සබඳතාවක් ‍ගොඩනගමින් සිටි මොයින් අලී හා ජේම්ස් ඇන්ඩර්සන් අවසන් කඩුල්ලට පන්දුවාර 21 ක්‍රීඩාකර සිටි අතර, තරගයේ අවසන් පන්දුවාරය යොමුකළ ශමින්ද එරංග එය බිඳදැමීය. මෙහිදී ජේම්ස් ඇන්ඩර්සන් පන්දු 55 කදී කිසිදු ලකුණක් නොලබා සිටියදී අවසන් කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්විය. තම ක්‍රිකට් දිවියේ විශිෂ්ටතම පන්දු යැවීම ප්‍රදර්ශනය කළ ධම්මික ප්‍රසාද්ගේ (5/50) පන්දු යැවීම ශ්‍රී ලංකා ජයග්‍රහණයේ පදනම වූ අතර, රංගන හේරත් 3/59 ලෙස දවාලමින් එය තවදුරටත් ශක්තිමත් කළේය. පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 257/10 රැස්කළ අතර, එයට පිළිතුරු ලෙස එංගලන්ත කණ්ඩායම ලකුණු 365/10 ක් රැස්කිරීමට සමත්විය. තරගයේ වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන ලැබූ අතර, තරගාවලියේ එංගලන්ත වීරයා ලෙස ජේම්ස් ඇන්ඩර්සන් සම්මාන ලැබූ අතර තරගාවලියේ ශ්‍රී ලංකා වීරයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන ලැබීය. ශ්‍රී ලංකාව පළමු ඉනිම 257/10 (පන්දුවාර 69.5) කුමාර් සංගක්කාර 79 (පන්දු 147, 4x13) දිනේෂ් චන්දිමාල් 45 (පන්දු 55, 4x6) ලියම් ප්ලන්කට් 5/64 (පන්දුවාර 15.5) ස්ටුවර්ට් බ්‍රෝඩ් 3/46 (පන්දුවාර 15) ජේම්ස් ඇන්ඩර්සන් 2/49 (පන්දුවාර 19) එංගලන්තය පළමු ඉනිම 365/10 (පන්දුවාර 115.5) සෑම් රොබ්සන් 127 (පන්දු 253, 4x15, 6x1) ගැරී බැලන්ස් 74 (පන්දු 157, 4x8) ඉයන් බෙල් 64 (පන්දු 90, 4x8) ඇන්ජලෝ මැතිව්ස් 4/44 (පන්දුවාර 16) ශමින්ද එරංග 4/93 (පන්දුවාර 32.5) ශ්‍රී ලංකාව දෙවැනි ඉනිම 457/10 (පන්දුවාර 132.5) ඇන්ජලෝ මැතිව්ස් 160 (පන්දු 249, 4x25, 6x1) මහේල ජයවර්ධන 79 (පන්දු 168, 4x8) කුමාර් සංගක්කාර 55 (පන්දු 103, 4x6) දිමුත් කරුණාරත්න 45 (පන්දු 111, 4x4) ලියාම් ප්ලන්කට් 4/112 (පන්දුවාර 29) ජේම්ස් ඇන්ඩර්සන් 3/91 (පන්දුවාර 25.5) මොයින් අලී 2/74 (පන්දුවාර 21) එංගලන්තය දෙවැනි ඉනිම 249/10 (පන්දුවාර 116.5) මොයින් අලි නොදැවී 108 (පන්දු 281, 4x17) ජෝ රූට් 31 (පන්දු 108, 4x4) සෑම් රොබ්සන් 24 (පන්දු 24, 4x2) ධම්මික ප්‍රසාද් 5/50 (පන්දුවාර 22) රංගන හේරත් 3/59 (පන්දුවාර 42) ශමින්ද එරංග 1/38 (පන්දුවාර 23.5) නුවන් ප්‍රදීප් 1/55 (පන්දුවාර 13)

Post a Comment