Ads (728x90)

Smiley face

සත්කාරක එංගලන්ත කණ්ඩායම පරාජය කර ශ්‍රී ලංකා කණ්ඩායම ඓතිහාසික ජයක් ලැබීමත් සමග අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඊයේ (24දා) නිකුත් කළ නවතම කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම 7 වැනි ස්ථානයේ සිට 6 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත.
නවතම ‍ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම සුපුරුදු පරිදි පෙරමුණේ පසුවන අතර, දකුණු අප්‍රිකාව දෙවැනි ස්ථානයේද, පාකිස්තානය තෙවැනි ස්ථානයේද පසුවෙයි.
නවතම ශ්‍රේණිගත කිරීම්
1.ඔස්ට්‍රේලියාව (ප්‍රසාද ලකුණු 123), 2. දකුණු අප්‍රිකාව (123), 3. පාකිස්තානය (103), 4. ඉන්දියාව (102), 5. එංගලන්තය (100), 6. ශ්‍රී ලංකාව (96), 7. නවසීලන්තය (92), 8. බ.ඉ. කොදෙව් (76), 9. සිම්බාබ්වේ (40), 10. බංග්ලාදේශය (21)

Post a Comment