Ads (728x90)

Smiley face

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (04දා) නිකුත්කළ නවතම එක්දින පන්දු යවන්නන් වර්ගීකරණය හරහා ශ්‍රී ලංකාවේ සචිත්‍ර සේනානායක ස්ථාන 20 ක් අබිබවමින් පන්දු යවන්නන් අතර 13 වැනි ස්ථානයට පැමිණ ඇත. එක්දින පන්දු යවන්නන් වර්ගීකරණයේ සචිත්‍ර මෙතරම් ඉදිරියට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර, එම වර්ගීකරණයේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පන්දු යවන්නාද ඔහුය. මෙම වර්ගීකරණයේ පෙරමුණ ගෙන සිටි දකුණු අප්‍රිකාවේ ඩේල් ස්ටේන් අබිබවමින් පාකිස්තානයේ සයීඩ් අජ්මාල් පළමු ස්ථානයට පැමිණ ඇති අතර, ස්ටේන් දෙවැනි ස්ථානය දක්වා පසුබැස ඇත. බටහිර ඉන්දීය කොදෙව්හි සුනි‍ල් නාරීන් තෙවැනි ස්ථානයේ පසුවෙයි.

Post a Comment