Ads (728x90)

Smiley face

ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ලීඞ්ස්හි හෙඩිංග්ලි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි සහ අවසාන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තුන්වැනි දිනය වන අද (22 වැනිදා) පෙරවරුවේදී එංගලන්ත පිතිකරුවෝ සිය මුල් ඉනිමේදී ලකුණු 365 කට දැවී ගියහ. දෙවැනි ඉනිමේදී පිති අතට ගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කිසිවකු නොදැවී ලකුණු 22 ක් ලබා සිටියේය. කාසියේ වාසිය අහිමි වීම නිසා පළමුවෙන් පන්දුවට පහර දීමට සිදුවූ ශී‍්‍ර ලංකා පිල මුල් ඉනිමේදී ලකුණු 257 ක් ලබාගත් අතර එංගලන්ත මුල් ඉනිමේ වාසිය ලකුණු 108 ක්වී තිබිණ. එහෙත් දිවා ආහාරය වන විට කෙෳෂාල් සිල්වා සහ දිමුත් කරුණාරත්න එංගලන්ත පිලේ වාසිය ලකුණු 86 දක්වා අඩුකර තිබිණ. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ විශාලතම වාසිය වූයේ දිමුත් කරුණාරත්න ලකුණු 4 ක් ලබා සිටියදී දුන් ඉතාමත් පහසු උඩපන්දුවක් දෙවැනි ස්ලිප් හි සිටි ක්‍රිස් ජෝර්ඩ්න් වෙතින් ගිලිහී යාමයි. ඒ වන විට ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව වූයේ 4 කි. එංගලන්ත පිලේ 9 වැනි කඩුල්ල ලකුණු 350 දී දැවී ගිය නමුත් අවසන් පිතිකරුවා වූ ජේම්ස් ඇන්ඩසන් සමග එක්වූ මැතිව් ප්‍රයර්, පන්දුවට පහර දීමේ වැඩි අවස්ථාව තමන් වෙත රඳවා ගනිමින් තමත් සතු වාසිය වැඩිකරගැනීමට උත්සාහ කළේය. එහෙත් ශමින්ද එරංගගේ කෙටි පන්දුවකින් ඇන්ඩසන් දැවී යාමත් සමගම ප්‍රයර්ගේ උත්සාහය නතර කිරීමට සිදුවිය. නිසි ඉලක්කයකින් තොරව, පන්දුව වරින් වර තණතීරුවේ සෑම තැනකම පතිත කළ නමුත් ඒ අතරවාරයේ යැවුණු හොඳ පන්දු වලින් ශමින්ද එරංග කඩුලු 4 ක් දවාගනිද්දී තම හොඳම ටෙස්ට් පන්දු යැවීම සටහන් කළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 44 කට කඩුලු 4 ක් දවාගත්තේය. ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් ඉතාමත් බුද්ධිමත් තැනැත්තකු ලෙසින් පිළිගැනීමක් ඇති මැතිව්ස් තමන්ගේ කාය ශක්තිය අපතේ නොයවා, අවම වෙහෙසකින් සාර්ථකව පන්දු යවද්දී සෙසු වේග පන්දු යවන්නෝ එය අනුගමනය කිරීමට උනන්දු නොවූහ. දෙවැනි නව පන්දුව ලබාගැනීමෙන් පසුව සාර්ථක වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එංගලන්ත පිලේ අවසන් කඩුලු 8 ම දවාගත්තේ ලකුණු 87 ක් වැනි සංඛ්‍යාවකටය.

Post a Comment